- යේසුස් මගේ යයි, සෙත් ලත් වදන්
 කොයිලෙස් වනම්ද සැනසුම් එයින්
 පවින් මිදීම දෙව් තුම දී
 ආත්මෙන් උපන්නෙම් ලෙයින් සේදී
- මේ මගේ ගීයත් පැසසුමත්
 වෙයි සෑම දා ම හට දෙව්පුත්
- යටත්කම වෙයි සොම්නස් මගේ
 තේජස පෙනෙයි ඇසට සගේ
 දෙව් දූතයෝ විත් දයා පෙම
 දන්වන් මෙමට දෙව් ලොවින් ම
- යටත්කම වෙයි සැපත මා
 හිමිටම තොස්වෙව් නොපමා
 හිමිගේ ඊම බලමින්ම
 පෙම් සයුරේම ගිලෙම් මම
