- යේසුස් මෙන් මිතුරෙක් ඇත් ද
ශෝක බර දරන්ට
කීම මෙන් සැපතක් ඇත්ද
සියල්ල දෙවිඳුන්ට
ඕනෑ නැති දුක් බෝ කල
ගත්තෙමුව සිතට
ඒ නො කී නිසයි සියල්ල
යාච්ඤාවෙන් සමිඳුන්ට - බාධා පරික්ෂා තිබෙත්
වෙතත් පීඩා දරන්ට
ඊට සැක නොව කිසිත්
යේසුස්ට කියන් සිට
යේසුස් මෙන් මිතුරෙක් නැත්මයි
සෑම දුක් උසුලන්ට
අපගේ දුක් සෝක දනියි
ඉල්ලමුව පිහිට - දුක් හා කරදර ඇතත්
සංකාවද සිතට
කීවොත් පිහිට ලැබේ නිත්
යාච්ඤාවෙන් සමිඳුන්ට
මිතුරෝ අත්හැර ගියත්
යමු හිමි වෙතට
ඒ හිමි දෙයි පෙමින් මහත්
සොම්නස් හා සෙත් අපට
Genre: Hymn
Language: Sinhala
Book: New Song 1 Page 36
Translations: What a Friend we have in Jesus; பாவ சஞ்சலத்தை நீக்க
Download slides: PDF