යේසුස් මෙන් මිතුරෙක් ඇත් ද

  1. යේසුස් මෙන් මිතුරෙක් ඇත් ද
    ශෝක බර දරන්ට
    කීම මෙන් සැපතක් ඇත්ද
    සියල්ල දෙවිඳුන්ට
    ඕනෑ නැති දුක් බෝ කල
    ගත්තෙමුව සිතට
    ඒ නො කී නිසයි සියල්ල
    යාච්ඤාවෙන් සමිඳුන්ට
  2. බාධා පරික්ෂා තිබෙත්
    වෙතත් පීඩා දරන්ට
    ඊට සැක නොව කිසිත්
    යේසුස්ට කියන් සිට
    යේසුස් මෙන් මිතුරෙක් නැත්මයි
    සෑම දුක් උසුලන්ට
    අපගේ දුක් සෝක දනියි
    ඉල්ලමුව පිහිට
  3. දුක් හා කරදර ඇතත්
    සංකාවද සිතට
    කීවොත් පිහිට ලැබේ නිත්
    යාච්ඤාවෙන් සමිඳුන්ට
    මිතුරෝ අත්හැර ගියත්
    යමු හිමි වෙතට
    ඒ හිමි දෙයි පෙමින් මහත්
    සොම්නස් හා සෙත් අපට

Genre:

Language:

Book: Page 36

Translations: What a Friend we have in Jesus; பாவ சஞ்சலத்தை நீக்க

Download slides: PDF

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.