- සමිඳූනි දිවයින්
මුහුදේ මැණික්වන්
ඔබ එන තෙක් තෙදින්
සිටියි අණ දුන් මෙන්
මේ රටටත් එලෙසින්
ආසිරි දෙන මෙන්
අවදිවම නිතින්
යදිමු ඔබගෙන් - පියාණෙනි බලෙන් යුත්
එවන් සිරි වෙසෙස්
සපිරි සුනිල් කෙත්වත්
ගම් නියම් ගම් පෙදෙස්
කඳුහෙල් අවටද
මුහුදු තෙරද
වසන්නෝ සතුටිනි
වෙත්වා ඔබ සුතන් - රටෙහි සමාදානෙන්
නිති පවතින්ටත්
සැබෑ පෙම්යුත් සිතිනේ
සැම එක්සත් වෙන්ටත්
යටත් පහත් කමිනි
වැඩ කරන මෙන්
සෙත් දෙනු පියාණෙනි
එනතෙක් සමිඳුන් - ලංකා දෙන්න සවන්
යේසුස්ගේ හඬට
හිමි පා නමිඳිමින්
නඟන් ගී සොඳට
දිවයින රකිමින්
සේවයේ යෙදෙමින්
සපිරෙන තෙක් සිරින්
පිදෙමු සියල්ලෙන්
Genre: Hymn
Language: Sinhala
Book: New Song 1 Page 38
Translations: Hymn for Ceylon; பிதாவே ஆழி சூழும்
Download slides: PDF
Download sheet music: SATB
Watch: