සමිඳූනි දිවයින්

  1. සමිඳූනි දිවයින්
    මුහුදේ මැණික්වන්
    ඔබ එන තෙක් තෙදින්
    සිටියි අණ දුන් මෙන්
    මේ රටටත් එලෙසින්
    ආසිරි දෙන මෙන්
    අවදිවම නිතින්
    යදිමු ඔබගෙන්
  2. පියාණෙනි බලෙන් යුත්
    එවන් සිරි වෙසෙස්
    සපිරි සුනිල් කෙත්වත්
    ගම් නියම් ගම් පෙදෙස්
    කඳුහෙල් අවටද
    මුහුදු තෙරද
    වසන්නෝ සතුටිනි
    වෙත්වා ඔබ සුතන්
  3. රටෙහි සමාදානෙන්
    නිති පවතින්ටත්
    සැබෑ පෙම්යුත් සිතිනේ
    සැම එක්සත් වෙන්ටත්
    යටත් පහත් කමිනි
    වැඩ කරන මෙන්
    සෙත් දෙනු පියාණෙනි
    එනතෙක් සමිඳුන්
  4. ලංකා දෙන්න සවන්
    යේසුස්ගේ හඬට
    හිමි පා නමිඳිමින්
    නඟන් ගී සොඳට
    දිවයින රකිමින්
    සේවයේ යෙදෙමින්
    සපිරෙන තෙක් සිරින්
    පිදෙමු සියල්ලෙන්

Genre:

Language:

Book: Page 38

Translations: Hymn for Ceylon; பிதாவே ஆழி சூழும்

Download slides: PDF

Download sheet music: SATB

Watch:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.